දෙමුහුන් දාස්පෙතියා මල් වගාව (Hybrid Marigold Cultivation)

මේ වන විට වේගයෙන් ජනප්‍රිය වන දාස්පෙතියා මල් වගාව අපි හරි විදිහට කරමු. වෙළඳපොලේ ලොකු දාස්පෙතියා මලක් සඳහා සිල්ලර මිල රු.30 – 50 ක් අතර වේ. ෙතාග මිල රැ. 20 – 25 ක් අතර වේ .මේ දාස්පෙතියා වැඩි වශයෙන් කෝවිල්, පන්සල් සහ උත්සව අලංකාර සඳහා භාවිතා කරයි. වගා කරන ඔබට සිල්ලර වෙළඳසැල් සඳහා මල් ලබා දිය හැකි නම් ඉතා ඉහල ලාභයක් ලබා ගත හැකි වේ .

බීජ

⭕ඔබ විසින් බීජ ලබා ගැනීමේදී වගකිය හැකි ආයතනයකින් බීජ ලබා ගන්න.
උදා:- Best seeds (east west)
Onesh Agri
Prima seeds

✅බීජ ගබඩා කිරීමේදී ශීතකරණයක් තුල ගබඩා කරන්න.
✅උෂ්ණත්වය 5° – 15°
✅වගකීමක් නැති ආයතන වලින් බීජ ලබා ගැනීෙමන් වලකින්න…
✅සාමාන්‍ය බීජ 100 ක පැකට් එකක මිල රු. 1300 ත් 1600 ත්අතර වේ

බීජ තවාන් කිරීම

⭕බීජ ඉතා කුඩා බැවින් බීජ තවාන් කිරීම අනිවාර්ය වේ .
⭕බීජ තවාන් කිරීම සඳහා තවාන් තැටි භාවිතා කරන්න. සිදුරු 50 හෝ 72 වඩාත් උචිතයි. එක සිදුරක් සඳහා එක බීජයයි.
⭕තවාන් මාධ්‍යය යොදා, සෝදා කහට යැවූ කොහුබත් කොටස් 2කට කොම්පෝස්ට් කොටස් 1 ක් දමන්න…

⭕මාධ්‍යය සඳහා Captan යොදන්න. (වතුර 1L සඳහා 2g Captan) නැතිනම් Jiffy coco plug භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ . (50mm සුදුසුයි)

  • බීජය තවාන් කිරීමේදී බීජය ගොඩක් යට කරන්න එපා. (උපරිම බීජයේ ගනකම වගේ 4 ගුණයක්)
  • බීජය පැල වීමට දින 5 ත් 7 ත් අතර කාලයක් ගත වේ . පැල වූ පසු තවානේ සති 3 ක් හෝ 4 ක් තිබීමෙන් වඩාත් ශක්තිමත් පැලයක් ලබා ගත හැක.
  • බීජය පැල වී දින 5ක් පමණ ගත වූ විට පොස්පරස් වැඩි දියර පොහොරක් යොදන්න… උදා:- 10:52:10
  • වතුර ලීටරයක් සඳහා 2g ක් පමණ ෙයාදා මාධ්‍යය තෙමන්න…
  • සතියකට වරක් මෙය කරන්න…

පැල සිටුවීම

✅දාස්පෙතියා වගාවේදී ප්‍රධානතම ගැටලුව වන්නේ වර්ෂාවයි.
✅විශාල මල් තුලට ජලය එකතු වූ පසු නටුවෙන් මල පහතට නැමීයයි. එය වලක්වා ගැනීම කල යුතුයි.
✅වර්ෂාවට නිරාවරණය නොවන සේ වගා කිරීමට හැකි නම් සුදුසුයි.

පාත්ති තුල වගා කිරීම

✅වගා කරන පාත්තිය අඩි 3කට පළලට සෑදිය යුතුය. අඟල් 6ක් පමණ උසට.
✅අඩි 4ක මල්ච් ෂීට් එකක් දැමීමෙන් වල් මර්දනය කර ගත හැකි වේ .
✅වර්ෂාවෙන් ආරක්ෂා කිරීමට පාත්ති සඳහා අඩි 4ක හෝ 5ක පමණ පළලට ආරුක්කු හැඩයට UV Polythene ආවරණයක්දැමිය හැක.
✅අඩි 3කට සකසා ගත් පාත්ති සඳහා වලවල් 45cm සිට 60cm දුරින් සෑදීම සුදුසු වේ. පැල සිටුවීමට දින 5කට පෙර වලක්සඳහා TSP 10g යොදන්න… (කාබනික පොහොර යොදා පාත්ති සකසන්න.)
✅ජලය ලබා දීමට Drip Tape භාවිතා කල හැක. (පොහොරද ලබා දිය හැක)

BAG තුල වගා කිරීම

දාස්පෙතියා සඳහා වඩාත් උචිත වන්නේ 16×16 UV බෑග් හෝ 18×18 UV බෑග් වේ.

වගා මාධ්‍යය

  • මතුපිට පස් කොටස් – 2
  • කාබනික පොහොර කොටස් – 1
  • කොහුබත් කොටස් – 1/2
  • කරදහයියා කොටස් – 1/2
  • Dolomite (ස්වල්ප වශයෙන්)

බෑග් තුලට එකතු කරන මාධ්‍යය යොදා පැල සිටුවීමට දින 5කට පෙර TSP 10g බෑගයට දමා වතුර දමන්න…
පැල සිටුවීමට පෙර Captan 2g ජලය ලීටරයකට දමා බෑගයක් සඳහා 300ml පමණ යොදන්න…

පොහොර යෙදීම

✅පැල සිටුවා දින 7ක් පමණ ගත වූ පසු පොස්පරස් වැඩි දියර පොහොරක් යොදන්න…
✅දින 14ක් පමණ වන විට Yaramila grower හෝ නයිට්‍රජන් වැඩි කැට පොහොර 5g පමණ පැලයක් සඳහා යොදන්න.
✅දින 20ක් පමණ වූ විට Albert solution පොහොර යොදන්න.
✅Spray කිරීම හෝ දියකර මූලයට යෙදීම කළ හැක.
✅දින 7කට සැරයක් දියර පොහොරක් යෙදීමෙන් වර්ධනය වේගවත් කර ගත හැක.
✅පැලයට මාසයක් පමණ වූ විට පෝටෑසියම් වැඩි පොහොර භාවිතා කිරීම සුදුසු වේ.
උදා:- K40, K44, Target, winner, K plus, Kmaster, Bloom

⭕දින 45ක් පමණ ගත වූ විට මල් පිපීම ආරම්භ වේ .
⭕මල් පිපීම ආරම්භ වූ විට ෙපාෙහාර ලබා දීමෙන් එකාකාරී මල් ලබා ගත හැකි වේ .
⭕මල් පිපීම ආරම්භ වූ විට දින 5කට හෝ 7කට සැරයක් පොටෑසියම් වැඩි දියර පොහොර ලබා දෙන්න…

මල්

✅මල් පිපීම දින 45කින් පමණ ආරම්භ වේ .
✅ගසකින් මල් 20ත් 30ත් අතර ප්‍රමාණයක් ලබා ෙද්‍.
✅ගසක ආයු කාලය මාස 4ත් 5ත් අතර වේ .

රෝග හා පළිබෝධ

කෘමිහානි

✅බොහොවිට පැමිණෙන්නෙ දලබු හානියෙන් .ඒ සදහා නියමිත කෘමිනාශක බාවිතෙයන් එය පාලනය කර ගත හැක.
උදා:- ෙකාරජන්,වර්ටකෝ, රේඩියන්ට් ,ෆිප්රොනිල්

දිලීර හානි

✅වර්ෂාව හා ආර්ද්‍රතාවය වැඩි පරිසර තත්ව වලදී දිලීර ආසාදන ඇතිවිය හැක. ඒ සඳහා සුදුසු දිලීර
නාශක යෙදීමෙන් රෝග පාලනය කර ගත හැක.
උදා:- Antracol, Daconil, mancozeb, Topsin, Homai

දිලීර හෝ කෘමි හානි පැමිණියහොත් ශාකවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සදහා Barrix control හෝ foltron භාවිතා කිරීම සුදුසු වේ.

වගාවට අවශ්‍ය හොඳම දේ, එකම තැනකින්!
අපගේ නවතම නිෂ්පාදන සහ දීමනා පිළිබඳව දැනගැනීමට සහ
ඔබගේ ඇණවුම් ලබා දීමට දැන්ම අපගේ වෙබ් අඩවියට
පිවිසෙන්න.
🛒 පිවිසෙන්න: www.csagrolk.com
💬 WhatsApp මගින් විමසන්න: 070 591 6591
“සරුසාර වගාවක් – අතමිට සරැ ෙහටක්”

CS Agro
CS Agro
Articles: 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *